කොරෝනා හැදුණු අත්තම්මට දැන් සනීපයි



නව කොරෝනා වෛරසය හේතුවෙන් එමිරේට්ස් රෝහලකට ඇතුළත් කළ වයස අවුරුදු 73 චීන කාන්තාව සුවය ලබා ඇති බව වාර්තා වේ.

ලියු යුජියා නැමති චීන කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවත්, ඇයට සුපුරුදු පරිදි දෛනික වැඩ කටයුතුවල නිරත විය හැකි බව එමිරේට්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

චීන කාන්තාවගේ සුවදුක් බැලීම සඳහා චීන කොන්සල් ජෙනරාල් ලී සුහාං සහ සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ සායන පිළිබඳ සහකාර උප-ලේකම්, වෛද්‍ය හුසේන් අල්-රැන්ඩ් ගොස් ඇති අතර සම්පූර්ණ සුවය ලැබීම ගැන චීන කාන්තාවට සුබ පැතුම් එක්කර ඇත.

තමන්ට උපකාර කළ සෞඛ්‍ය අමාත්‍යාංශයට, රෝහල් කාර්ය මණ්ඩලයට සහ සියළුම දෙනාට චීන කාන්තාව ස්තූතිය පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS