කොරෝනා සුවය ලැබූවන් ඉහළ යයි



සෞදි අරාබියේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවෙන් (351,455) මේ දක්වා පුද්ගලයන් 338,281 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

පසුගිය අඟහරුවාදා (නොවැ:17) වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සුවය ලබා ඇත්තේ රියාද් නුවරින් වන අතර, එම සංඛ්‍යාව 99ක් වේ.

මදීනා නුවරින් 89ක් සහ දම්මම් නුවරින්37ක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS