කොරෝනා සිරියානු මැතිවරණය කල් දමයි



ලබන මාසයේ පැවැත්වීමට නියමිත සිරියානු පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ, යුද්ධයෙන් බැට කෑ සිරියාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැලකිල්ලට ගනිමිනි.

මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අප්‍රේල් 13 තෙක් ඒ අනුව කල් දැමුණු බව සිරියානු ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.

තවමත් සිරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නැත. එසේ වුවත් රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව ජනතාව එක්රැස් වන දේව මෙහෙයයන් පවා නැවැත්වීමට ජනාධිපති අසාද් පියවර ගෙන තිබේ.

ඩමැස්කස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS