කොරෝනා වෛරසයට එන්නතක් නෑ



කොරෝනා වෛරසය සඳහා ක්‍රියාකාරි එන්නතක් තවමත් සොයා ගෙන නොමැති බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛරසය රටවල් කීපයක විශාල ලෙස ව්‍යාප්ත වෙමින් ඇති අතර, වෛරසය ආසාදනය වීම හේතුවෙන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට ජීවිතක්ෂයට පත් වී ඇත.

විදේශ සංචාරවලින් වළකින ලෙසත්, ජනතාව එක්රැස් වන ස්ථානවල රැදී සිටීමෙන් වළකින ලෙසත්, වෛද්‍ය උපදෙස් පමණක් පිළිපදින ලෙස ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැණුම් දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS