කොරෝනා වෛරසය මඩින්න සාකච්ඡා



සෞදි රජු, සල්මාන් චීන ජනාධිපති, ෂී ජින්පිං සමඟ දුරකථන සංවාදයක නිරත වී ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසය මැඩලීම සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ර්ජන්සිය වාර්තා කරයි.

කොරෝනා වෛරසයට මැඩපැවැත්වීම සඳහා චීනය දරන උත්සාහයට සෞදි රජු සුබ පැතූම් එක්කර ඇති අතර, වසංගතය මැඩපැවැත්වීම සඳහා චීනයේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීම බොහෝ දේවල් ඇති බව පවසා ඇත.

කොරෝනා වෛරසය ආරම්භයේ සිටම චීනයරජය සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා සෞදි රජුට ප්‍රශංසා කර ඇත.

වසංගතය මැඩපැවැත්වීමට හැකි සෑම ආකාරයකින්ම සහයෝග දැක්වීම චීන රජයේ අභිලාෂය බව ජනාධිපති,ෂී ජින් පිං අවධාරණය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදිගැසට්, රියාද් නුවර)

RECOMMEND POSTS