කොරෝනා වයිරසය තුර්කියටත් රිංගයි



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා පැතිරෙන ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය තුර්කියට ද පැතිර ගොස් ඇත.

තුර්කියෙන් පළමු කොරෝනා වයිරස ආසාදිතයා හමුවුණු බව තුර්කි සෞඛ්‍ය ඇමැති ෆරෙට්ටීන් කෝකා පැවැසුවේ ය.

හමුවුණු මෙම ආසාදිතයා පිරිමියකු බවත්, ඔහු නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. ඊට අමතරව, එම ආසාදිතයාගේ පවුලේ අය ද නිරෝධායනය කර ඔවුන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව ද තුර්කි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS