කොරෝනා ලෙබනන් යයි



ලෙබනනයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයකු හමුවුණු බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම ආසාදිතයා කාන්තාවක බවත් ඇය ඉරානයේ ශුද්ධ වූ කොම් නගරයේ සිට ලෙබනනයට පැමිණ ඇති බවත් අනාවරණය වී තිබේ. ඉරානයේ කොරෝනා ආසාදිතයන් හමුවී ඇති ඇත්තේ කොම් නගරය කේන්ද්‍රකොට ගනිමිනි.

බීරූට් අගනුවර මාධ්‍ය හමුවක් පවත්වමින් ලෙබනන් සෞඛ්‍ය ඇමැති හසාන් හමාද් පළමු කොරෝනා ආසාදිතයා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS