කොරෝනා රෝගීන් වැඩි වෙයි



ඕමානයේ කොරෝනා රෝගීන් වැඩිවීමට පටන් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඒ අනුව, පසුගිය පැය 24 ඇතුලත කෙරෝනා ආසාදිතයන් 1,014 දෙනෙක් වාර්තා වී ඇති අතර, සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 12,223 දක්වා ඉහළ ගොස් ඇත.

කෙරෝනා ආසාදිතයන් 1,014දෙනා අතරට ඕමාන ජාතිකයන් 371ක් සහ විදේශිකයන් 643ක් අයත් වේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මේවනවිට 2,682ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS