කොරෝනා මඩින්න ඩ්‍රෝනා යානා



සෞදි අරාබියේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩ්‍රෝනා යානා යොදාගන්නා බව වාර්තා වේ.

මඩිනා සහ කාසිම් නගරවල පුද්ගලයන් නිරීක්ෂණය කිරීමසඳහා අධි-තාක්ෂණික ඩ්‍රෝනා යානා යොදාගැනීමට නාගරික බලධාරීන්කටයුතු කරයි.

ඩ්‍රෝනායානවල ඇති අධි-තාක්ෂණික තාප කැමරාවලට විවෘත ප්‍රදේශවල සිටින ඉහළ ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයන් හඳුනා ගැනීමේ හැකියාව ඇත.

තාප කැමරාවල ඇති අධි-තාක්ෂණික උපකරණවලට තත්පරයට පුද්ගලයින් 24 දෙනෙකු පරීක්‍ෂා කිරීමේ හැකියාව පවතින අතර, ඉහළ උෂ්ණත්වයක් ඇති පුද්ගලයෙක්නිරීක්ෂණයවුවහොත්ඔහුට හෝ ඇයට වහාම ළඟම ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යාමට නියෝග කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS