කොරෝනා බිය මැද මිසයිල



සෞදි අරාබියේ රියාද් නුවරට සහ ජසාන් නගරයටමිසල් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගනිමින් මිසයිල් ප්‍රහාර හවුති ගරිල්ලන් එල්ල කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

මාර්තු 28 සෙනසුරා රාත්‍රී 11.20 පමණ මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති අතර, සෞදි ගුවන් හමුදාව සතු ස්ව්‍යංක්‍රීය මිසයිල් නාශක පද්ධතිය මඟින් ප්‍රහාර එල්ල කර මිසයිල් විනාශ කර දැමීමට කටයුතු කළ බව යේමනයේ සෞදි ප්‍රමුඛ සන්ධාන හමුදාව පැවසීය.

මිසයිල් ප්‍රහාර සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ලබාදීමට ආරක්ෂක අංශ කටයුතු කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS