කොරෝනා දෙලක්ෂ පනස් දහස ඉක්මවයි



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සෞදි අරාබියේ මේ වන විට දෙලක්ෂ පනස් දහස ඉක්මවා ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් සෞදි මාධ්‍ය වාර්තා කරයි.

දිනපතා නිකුත් කරන කොවිඩ් 19 කොරෝනා වාර්තාව අනුව පසුගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 2565 ක් වාර්තා වී ඇති බවත්  රෝගීන් 40දෙනෙකු මියගොස් ඇති අතර රෝගීන් 3057 දෙනෙකු සුවය ලබා ඇති බවද එම වාර්තාව සදහන් කරයි.සෞදි අරාබියේ මේ වනවිට කොවිඩ් 19 වසංගතයෙන් මිය ගොස් ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2447කි.සුවය ලබා ඇති රෝගීන්ගේ ගණන එක්ලක්ෂ අනුහතර දහස් දෙසිය  අටක් බවද සෞදි මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව සක්‍රිය ආසාදිත සංඛ්‍යාව 54198 කි.

මේ වන විට සෞදි අරාබියේ කොවිඩ් 19 කොරෝනා වසංගතය අනිකුත් රටවලට සාපේක්ෂව සැලකියයුතු මට්ටමකින් පාලනය කිරීමක් දක්නට ලැබෙන අතර සුවය ලබන ආසාදිතයන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහල යන අතරම මියයන්නන්ගේ සංඛ්‍යාවද යම් ප්‍රතිශතයකින් අඩුවීමක් දක්නට ලැබේ.ප්‍රධාන නගර ලෙස සැලකෙන රියාද්,ජෙද්ද,දමාම්, සහ අනිකුත් ප්‍රදේශ වලින් මෙතෙක් වර්ධනය වෙමින් පැවති ආසාධිතයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් අඩුවීමක් දක්නට ඇති බව දිනපතා එලි දක්වන කොරෝනා වාර්තාව මගින් සනාථ කරයි.

මේ වන විට සෞදි අරාබියේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සියල්ලම මහජනයා වෙනුවෙන් සක්‍රියව ක්‍රියාත්මක වන අතරම ජාත්‍යන්තර සහ සෞදි අරාබියානු සෞඛ්‍ය රෙගුලාසි අනුව සියලුම පෞද්ගලික සේවා සහ කර්මාන්ත ඇතුළු අනිකුත් ව්‍යාපාර පවත්වාගෙන යාමට අවසර ලබාදී ඇත.කෙසේ වුවද විශාල වශයෙන් මහජනයා එක්රැස් වීම පිලිබදව මෙතෙක් සෞදි රජය අවසර ලබාදී නොමැති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සීමාසහිත ප්‍රමාණයකට අවසර ලබාදී ඇත.කරුණු මෙසේ සිදු වුවද සෞදි අරාබි සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සියලු ප්‍රදේශ ආවරණව වන පරිදි දැඩි සෝදිසි මෙහෙයුම් නොකඩවා දියත් කරමින් සිටිනුයේ සියලු පුරවැසියන් මෙම වසංගතයෙන් මුදවා ගැනීම සහාය.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට

RECOMMEND POSTS