කොරෝනා ජෝර්දානයේ



ජෝර්දානයෙන් ද නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුවුණු බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියකට ලක් කළ මෙම ආසාදිතයා මීට සති දෙකකට පෙර ඉතාලියේ සිට ආපසු ජෝර්දානය බලා පැමිණි අයකු බව තහවුරු වී තිබේ.

එම ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් ද වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන්ට ද වයිරසය ආසාදනය වී ඇතිදැයි සොයා බලන බවත් ජෝර්දාන සෞඛ්‍ය බලධාරීන් වැඩි දුරටත් පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS