කොරෝනා අස්සේ බාබර්ට එන්න කියලා



සෞදි අරාබියේ අල්-කාසිම් නගරයේ නිවසකට කරනවැමියෙක් (බාබර්) ගෙන්වා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ ආරක්ෂිත පියවරක් ලෙස සියළුම බාබර් සාප්පු වසා දමන ලෙසත්, එවැනි සේවාවන් ලබාගැනීමෙන් වළකින ලෙස සෞදි බලධාරීන් නියෝග කර ඇත.

සමාජ ජාල වෙබ් අඩවිවලට වීඩියෝවක් මුදාහැරීමට වයස අවුරුදු 40 පුද්ගලයා කටයුතු කිරීමෙන් පසු සෞදි පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

නීතිමය කටයුතු කිරීම සඳහා රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS