කොරෝනා අස්සේ චිත්‍රපටි පෙන්වයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවර සිනමා රසිකයන්ට කදිම අවස්ථාවක් හිමි වී ඇති බව වාර්තා වේ.

ඩුබායි නුවර විශාල සාප්පු සංකීර්ණවල නිර්මාණය කරන ලද සිනමා ශාලා තුල තම මෝටර් රථයේ සිටිමින් සුවපහසුව චිත්‍රපට නැඹීමට අවස්ථාව හිමිකර දීමට ඩුබායි බලධාරීන් කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරක්ෂිත උපදෙස් මත, මෝටර් රථයක පුද්ගලයන් දෙදෙනෙක්ට සීමා වන අතර, එක් වරකට මෝටර් රථ 75කට සාප්පු සංකීර්ණ තුලට ඇතුළුවීමට අවස්ථාව ලබාදී ඇත.

පොප්කෝන්, ස්නැක්ස් සහ බීම ඇතුළුව එක් වාහනයක් සඳහා ප්‍රවේශපත්‍රයක මිල ඩිරාම් 180 ක් (ඩොලර් 50) කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS