කොප්ටික් පූජකයකු මරා දමලා



ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානු නිකායේ පූජකයකු ඝාතනය කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

පිහි ප්‍රහාරයකින් පසු ඝාතනයට ලක් වී ඇත්තේ සමාන් ෂෙහාටා පියතුමා යැයි ද පැවැසෙයි.

පියතුමා බෙනායි සූෆ් දෙව්මැදුරේ මානුෂීය ආධාර එක්රැස් කිරීමේ සමාජ කටයුත්තක නියැලී සිටිද්දී ඝාතනයට ලක් වුණු බව පොලිසිය කියයි.

ඝාතකයා පසුව අල්ලා ගැනීමට හැකිවුණු බව ඊජිප්තු පොලිසිය කියයි. ඒ, සී.සී.ටීවී. කැමරා ආධාරයෙනි.

ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානු පූජකවරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වීම පසුගිය කාලයේ නිරන්තරයෙන් සිදුවිය. කොප්ටික් ක්‍රිස්තියානු දේවස්ථානවලට සහ බැතිමතුන්ට බෝම්බ ප්‍රහාර පවා එල්ල විය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS