කොන්දේසි සහිත සමා කාලයක්



ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ. 

එරට සේවය කරන එහෙත් නීත්‍යානු ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයන්ට සිය කැමැත්තත මත මෙම පොදු සමාකාලය තුල ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවේ.

මේ සදහා ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටි කාලය නොසලකන අතර එහෙත් දඩමුදල් ලෙස පිරිමි ශ්‍රමිකයෙකුට ලෙබනන ලීරා (LBP) ලක්ෂ 4 හා කාන්තා ශ්‍රමිකයෙකුට ලක්ෂ 3  බැගින්  අයකෙරේ. තවද සාපරාධී චෝදනාවලට ලක්විසිටින ශ්‍රමිකයන්හට අදාළ චෝදනා සදහා නිතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව මෙම සමාව ගත හැකිය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරෝත්තු වන ශ්‍රමිකයින්ට තමන් ලෙබනන් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව එරටින් පිටවීමේ බලපත්‍රය (Exit Permit) ලබාගැනිමට පහසුකම් සලසා ඇත.

කොරෝනා වෛයිරසය රට තුල ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු 15 සිට අප්‍රේල්  12 දක්වා ලෙබනනය සම්පූර්ණයෙන්ම වසා ඇති (Lock Down) බැවින් තමන්ගේ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට (Email)  හෝ වට්ස්ඇප් ලිපිනයට යොමු කිරිමට එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබා දී තිබේ. 

එලෙස ලබාදෙන තොරතුරු අධ්‍යනය කිරිමෙන් අනතුරුව  ලෙබනනයෙන් පිටවීමේ බලපත්‍රය ලබාදිය හැකි අයවලුන්ව තානාපති කාර්යාලයේ ලියාපදිංචි කෙරේ. 

එලෙස ලියාපදිංචි කල තොරතුරු ලෙබනන් රජයට ලබාදිමෙන් අනතුරුව පිටවීමේ බලපත්‍රය ලබාදිමට කටයුතු කරන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්තාව හිමිවන්නේ ශ්‍රී ලංකාවේ හා ලෙබනනයේ ගුවන් තොටුපලවල් දෙරට අතර ගුවන් ගමන් සදහා විවෘත කිරිමෙන් අනතුරුවය.

කෙසේ වුවද කොරෝනා වෛයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් විදේශයන් හී සිට ශ්‍රී ලංකාවට ඇතුලුවීම සදහා අවසර හිමිවන්නේ මෙරට සෞඛ්‍ය අංශ උපදේස් මත රජය විසින් ගනු ලබන තීරණ මතවේ.තොරතුරු ලබාදිය හැකි මාර්ග   වනුයේ [email protected] යන විද්‍යුත් තැපෑලය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS