කොන්දේසි වෙනස් කරන්න ලැබෙන්නේ නෑ



තමන් ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටාරයට පැනැවූ කොන්දේසි වෙනස් කිරීමට කටාරයට ඉඩක් නොලැබෙන බව සෞදි විදේශ ඇමැති අබ්දෙල් අල් ජුබියේ කියා සිටී.

කාටර් අර්බුදය විසඳුමක් ලෙස සෞදිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොන්දේසි 13 ක් ඉදිරිපත් කර ඇත. එම කොන්දේසිවලට කටාරය තරයේ විරෝධය දක්වා ඇත.

කටාරයට පක්ෂ බොහෝ රටවල් පවා පවසා ඇත්තේ සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් පැනැවූ එම කොන්දේසි කටාරයේ ස්වෛරීත්වයට හානිකර බවය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS