කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දෙනවා



මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරමින් ඊශ්‍රායලයට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

යළිත් වරක් නව රජයක් පිහිටුවා බලයට ආ නෙදන්හායු සහ ඇන්තනි බ්ලින්කන් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට නෙදන්යාහු සහ බ්ලින්කන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

කොන්දේසි විරහිතව ඇමෙරිකාව තම මැදපෙරදිග මිතුරා ඊශ්‍රායලයට සහාය දක්වන බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය වෙනුවෙන්, බ්ලින්කන් නෙදන්යාහුට පැවැසුවේය.

එසේ වුවත්, ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාමකාමී ද්වී රාජ්‍ය විසඳුමකට යෑම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද බයිඩන් පරිපාලනය වෙනුවෙන් ඇන්තනි බ්ලින්කන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS