කොන්දේසි විරහිත සාකච්ඡා



ඉරානය සමඟ කොන්දේසි විරහිත සාකච්ඡාවකට තමන් සූදානම් බව ඇමෙරිකාව පවසා ඇත. ඇමෙරිකාව මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටය. ඒ ලිපියක් මගිනි.

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට ද කැමැත්ත පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ඇමෙරිකාව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නව යෝජනාවක් ද සකස් කර තිබේ.

ඇමෙරිකාවේ අදහස සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. තමන් ඉරාකයේ ඇමෙරිකන් කඳවුරුවලට පහර දුන්නේ ආත්මාරක්ෂාවට ඇති අයිතිය සැලකිල්ලට ගනිමින් යැයි ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දන්වා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS