කොන්දේසි මත සංචරයට අවසර



සෞදි රජය පනවා ඇති කොන්දේසි මත තායිලන්තයේ සංචාරය කිරීමට සෞදි ජාතිකයන්ට අවසර හිමි වෙයි.

තායිලන්තයේ සංචාරය කිරීම සෞදි ජාතිකයන්ට මුලින් තහනම් කර තිබු අතර අදාල තහනම ඉවත් කරමින් සම්මන්ත්‍රණ, සාකච්ඡා,රැස්වීම්, ක්‍රීඩා හා සංස්කෘතික තරඟ සඳහා පමණක් සංචාරය කිරීම සඳහා අවසර ලබා දීමට පියවර ගෙන ඇත.

තායිලන්තයෙන් භාණ්ඩ ආනායනය කිරීමට අවශ්‍ය සෞදි ජාතිකයන්ට ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු ව ඇත.

තායිලන්තය අතර ඇති වසර ගණනාවක රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය හේතුවෙන් සෞදි අරාබිය පනවා ඇති නව කොන්දේසි ගැටළුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලියන්, රියාද් නුවර)


RECOMMEND POSTS