කොංග්‍රස් මණ්ඩලයේ යෝජනාවට ජනපති ට්‍රම්ප් හරස් වෙයි



යේමන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්ල ඇමෙරිකාව සම්බන්ධ වීම වැළැක්වීමට ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය නිෂේධ බලය භාවිත කරමින් විරෝධය දක්වා ඇත.

යෝජනාව සකස් කළේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයිග නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවයග යෝජනාවට පක්ෂව 247 ක් ඡන්දය ලබා දුන් අතරල විරෝධය දැක්වූයේ 175 ක් පමණි.

ඉන්පසු යෝජනාව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කෙරුණිග සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවයග එසේ වුවත් 54 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අතර විරෝධය දැක්වූයේ 46 කි.

යෝජනාව ජනපති ට්‍රම්ප් හමුවට ඉදිරිපත් කෙරුණේ ඉන්පසුවය.  එහිදී නිෂේධ බලය භාවිත කරමින් ජනපතිවරයා ඊට විරෝධය දැක්වීය.

යේමන අර්බුදයට සහ යුද්ධයට ඇමෙරිකාව සම්බන්ධ වී සිටින්නේල සෞදියට සහාය පළ කරමිනිග යේමනයේ සිවිල් යුද්ධයට හේතු වූයේ සෞදි හිතවාදී යේමන රජයල හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පෙරලා දැමීමට ගත් උත්සාහයත් සමඟය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS