කේරළයට එන්න එපා



ඉන්දියාවේකේරළ ප්‍රාන්තයේ පැතිරී යන “නිපා’’ වෛරසය හේතුවෙන් දකුණු ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස ඉන්දියාවේ පිහිටි ඕමාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

නිපා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව ඕමාන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

අත්‍යාවශ්‍ය කාරණයකට පමණක් දකුණු ඉන්දියාවට පැමිණෙන ලෙසත් ආහාර ලබාගැනිමේදි පරීක්ෂාකාරි වන ලෙස ඕමාන තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS