කෘතිම බුද්ධියෙන් රෝගීන් බේරාගනියි



ආඝාතයට ගොදුරුවන රෝගීන් බේරාගැනීමට කෘතිම බුද්ධියේ සහය ලබාගැනීමට ඩුබායි සෞඛ්‍ය අධිකාරියේ අවධානය යොමු වී ඇත.

ආඝාතයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරිමේ නව අදියරයක් ආරම්භ කරමින් කෘතිම බුද්ධියෙන් නිර්මාණය කරන ලදරොබෝවරුන් රෂීඩ් රෝහලට හඳුන්වා දී ඇත. 

බොහෝ බටහිර රටවල්වල මෙම තාක්ෂණය අත්හදා බලා ඇති අතර රෝගියෙකු හඳුනාගැනීමට ගත වන කාලය විනාඩි 59 සිට විනාඩි 02 දක්වා අඩු වී ඇත.

කෘතිම බුද්ධිය මඟීන් සෞඛ්‍ය සේවාවන් තුල විශාල දියුණුවක් ඇති කළ හැකි බව ස්නායු සහ ආඝාතය පිළිබඳ විශේඥ වෛද්‍ය, සුහයිල් අබ්දුල්ලා අල්-රුක්න් පැවසීය.

කෘතිම බුද්ධියෙන් ක්‍රියාකරන රොබෝවරු හඳුන්වා දුන් පළමු රජයේ ආයතනය ලෙස රෂීඩ් රෝහල පත් වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS