කෘතිම බුද්ධිය පිළිබඳ පුහුණුවක්



කෘතිම බුද්ධය පිළිබඳව ප්‍රායෝගික දැණුම එමිරේට්ස් තරුණ තරුණියන්ට ලබාදීම සඳහා ලෝකයේ තොරතුරු තාක්ෂණයේ ප්‍රමුඛ සමාගමක් වන “Dell’’සමාගම සමඟ එමිරේට්ස් කෘතිම බුද්ධි පිළිබඳ අමාත්‍යාංශය ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

අදාල ගිවිසුම අනුව, තරුණ තරුණියන් 500 දෙනෙක් පුහුණු කිරීමට අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

පුහුණුවෙන් පසු, පාසල් සහ විශ්වවිද්‍යාල තුල ප්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව කෘතිම බුද්ධි පිළිබඳ අමාත්‍ය, ඕමාර් බින් සුල්තාන් අල් ඔලාමා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS