කූට ලේඛන සකස් කිරීම 84.1% ඉහළට



කූට ලේඛන සකස්කිරීම සම්බන්ධ අපරාධ සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව සඳහන් කර ඇත. 

ව්‍යාජ මුදල් අච්චුගැසීම් 375ක් 2017 වර්ෂයේ වාර්තා වී ඇති බවත් 2016 වර්ෂයේදි 46ක් වාර්තා වු බව සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය. 

2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ සමස්ථ අපරාධ සංඛ්‍යාව 84.1%කින් වැඩි වී ඇති අතර සංඛ්‍යාත්මකව 396 සිට 746 දක්වා ඉහළ ගොස් ඇත.

ව්‍යාජ නිල ලිපි ලේඛණ සකස් කිරීම, ව්‍යාජ චෙක්පත් නිකුත් කිරීම සහ පෞද්ගලික ලිපි වංචනිකව සකස්කිරීම ප්‍රධාන තැනක් ගන්නා බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ඕමාන් දණ්ඩ නීති පනතේ 202 වන වගන්තියට අනුව, කූට ලේඛන සකස්කිරීම වැනි වංචනික ක්‍රියාවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව වසර දහයක සිරදඩුවමක් නියම කළ හැක.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS