කුවේටියන්ට පමණක් රැකියා



විගණක තනතුරු කුවේට් ජාතිකයන්ට පමණක් ලබාදෙන ලෙස කුවේට් වානිජ සහ කර්මාන්ත අමාත්‍යාංශය නියෝග කර ඇති බව වාර්තා වේ.

රක්ෂණ සමාගම්, තැරැව්කාරරක්ෂණසමාගම්, තැරැව්කාරනිශ්චල දේපල සමාගම්,මැණික් හා ස්වර්ණාභරණ සමාගම්සහමුදල් හුවමාරු සමාගම්වලට අදාල නියෝගය නිකුත් කර ඇත.

මූල්‍ය වංචා අවම කිරීමේ අරමුණින් කුවේට් ජාතිකයන්ට පමණක් එමසමාගම්වල රැකියා 2020 ජනවාරි 01 දින සිට ලබාදීමට තීරණය කර ඇත.

පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා 16,000ක් කුවේට් ජාතිකයන්ට ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.  

කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන විදේශිකයන් ඉවත් කිරීම ජුලි මාසයේ සිටක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර හවාලි සහ ෆර්වානියා අධ්‍යාපන කලාපවල සේවය කරන විදේශිකයන් වැඩි පිරිසක් ඊට අයත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS