කුවේට්හි විදුලිබල අමාත්‍යාංශ සේවකයෝ වැඩවරති



කුවේට් විදුලිබල සහ ජලජ අමාත්‍යාංශයේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වන අතර අදාල වැඩ වර්ජනයට හේතුවී ඇත්තේ දුෂ්කර පළාත්වල සේවය කරන සේවකයින්ට අමතර වන්දි ලබාදීමට අමාත්‍යාංශයෙන් ගෙන ඇති තීරණය නිසාය.

අමතර වන්දි ලබාදීම නතර කරන ලෙසට පාලනාධිකාරියට බලකිරීම වැඩ වර්ජනය අරමුණ වී ඇත. 

දකුණු සේරා හි පිහිටි අමාත්‍යාංශ මුලස්ථානයේදී නයේෆ් අල්-මර්ඩාස් සහ මහරූෆ් අල්-කලීෆා යන අමාත්‍යවරුන්ද වැඩ වර්ජනයට එක්වූ බව වාර්තා වේ.  

අදාල සුදුසුකම් ඇති සේවකයින්ට පමණක් අමතර වන්දි මුදල ගෙවන බව විදුලිබල සහ ජලජ අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේය. 
 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

 


RECOMMEND POSTS