කුවේට්හි ගෘහ සේවිකාවකට නාදුනන පුද්ගලයෙකු පහර දෙයි



කුවේට්හි ජහරා ප‍්‍රදේශයේ නිවසක සේවය කළ ගෘහ සේවිකාවකට නාදුනන පුද්ගලයෙකු විසින් පහර දී ඇතැයි කුවේට් මාධ්‍ය වාර්තා  කරයි.

එම කාන්තාව සේවයක කරන නිවසේ සිට ආසන්නයේ ඇති ස්ථානයකට යමින් සිටියදී මෙම පහර කෑමට ලක්ව ඇතැයි පැවැසෙන නමුත් මෙම පහර දුන් පුද්ගලයා කවුදැයි ඇය නොහදුනන බව පැවැසේ.

මේ සම්බන්ධව එකී ගෘහ සේවිකාව සිය හාම්පුතා සමඟ කුවේට් පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇතැයි ද මේ සම්බන්ධව එරට පොලිසිය විසින් විමර්ෂන අරඹා ඇතැයි ද එම වාර්තා තව දුරටත් සදහන් කරයි. 

 

විීනීතා එම් ගමගේ


RECOMMEND POSTS