කුවේට් හි හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කරයි.



කුවේට් හි නිරිත දිග තෙල් බිම් ආශ‍්‍රිතව ඉකුත් 22 දින සිට පවතින තෙල් කාන්දු වීම හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

මේ වන විට පොළව මතුපිිට ක්ෂෙත‍්‍රයේ පවතින හානිකර තත්ත්වය නිවැරදිව හදුනා ගෙන නොමැති අතර තෙල් කාන්දුව අල් මැක්වා පෙදෙස දක්වා ව්‍යාප්ත වී ඇතැයි එරට පුවත් ඒජන්සි වාර්තා කරයි.

කෙසේ වෙතත් එම තෙල් කාන්දුවෙන් විෂ වායු පිටවීමක් සිදු වී නොමැති බවත් නැගෙනහිර මුහුදු සීමාවට හානියක් සිදුවී නොමැති බවත් රාජ්‍ය තෙල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිිබේ.

කුවේට් රාජ්‍යය ඔපෙක් රටවල් අතරින් තෙල් නිෂ්පාදනයේ ප‍්‍රමුඛස්ථානය ගන්නා රට වන අතර එක් දිනක බොරතෙල් බැරල් මිලියන 2.7 ක් පමණ නිපදවන රටකි. ලොව විශාලතම තෙල් සංචිතයේ හිමිකරුවා වන්නේද කුවේට් රාජ්‍යයයි.  

 

 විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS