කුවේට් හි විදෙස් ශ‍්‍රමිකයනන්ට නිවාස ලබාදීමට සැලසුම්



කුවේට් හි සේවය කරන විදේශ ශ‍්‍රමිකයන්ට නිවාස ලබා දෙන්නැයි කුවේට් වතු හිමියන්ගේ සංගමය එරට අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමක් පල දරන්නට සැරසෙතැයි එරට මාධ්‍ය අනාවරණය කරයි. 

මේ වන විට ගල්ෆ් රටවල් රාශියක මෙසේ විදේශ ශ‍්‍රමිකයන්ට නිවාස ලබා දීම සිදුවන අතර එයින් ආර්ථිකයට යහපත් බලපෑමක් ඇතැයි රජය වටහා ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා  දෙයි.

මේ තුළින් තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා උදාවන බවද එම වාර්තා පවසයි.

කෙසේ වෙතත් මෙසේ නිවාස ලබාගන්නා විදෙස් ශ‍්‍රමිකයන්ට එරට පුරවැසි භාවය හෝ කුවෙට් වැසියන් භුක්ති විදින වෙනත් වරප‍්‍රසාද හිමි නොවන බවද එම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

මේ යෝජනාවට අනුව සෑම වසරකම කුවේට් ඩිනාර් මිලියන 100 ක වියදමින් විදේශික ශ‍්‍රමිකයන්ට නිවාස දහසක් ඉදිකෙරෙනු ඇත. 

 

 විනිතා එම් ගමගේ


RECOMMEND POSTS