කුවේට් හි නීති විරෝධීව රැදී සිටි 29000 ක් ඉකුත් වසරේ පිටුවහල් කරයි



කුවේට් හි නීති විරෝධීව රැදී සිටි විදේශිකයින්  29000 ක් දෙනා ඉකුත් 2016 වසර තුළ පිටුවහල් කළ බව එරට ආරක්ෂක බලධාරින්  උපුටා දක්වමින් ජී ඞී එන් ඔන් ලයින් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

දිනපතා නිති විරෝධී සේවකයන් 80 ක් පමණ දෙනා එරටින් පිට කරන බව ආගමන විගමන අංශ ස`දහන්  කරන බවද එහි ස`දහන් වේ. 

ආරක්ෂක අංශවලට අනුව මෙම පිටුවහල් කිරීම්වලට බොහෝ විට හේතු වන්නේ සේවා හා නේවාසික රෙගුලාසි උල්ලංඝණය කිරීම, අපරාධවලට හවුල් වීම මාර්ග නීති උල්ලංඝණය, වැනි කටයුතුවේ. 

මෙසේ පිටුවහල් කරන්නන්ගෙන් සියයට 26 ක් ඉන්දීය ජාතිකයන් වෙති. ඊජිප්තු ජාතිකයින් සියයට 22 ක් ද, පිලිපීන ජාතිකයින් හා ඉතියෝපියානුවන් සියයට 13 බැගින්  ද, ශ්‍රී ලාංකිකයින් සියයට 6  ක් හා බංගලා දේශ ජාතිකයින් සියයට 5 ක් ද පමණ සිටින බව ද ජී ඞී එන් ඔන් ලයින් වෙබ් අඩවිය පවසයි. 

 

   විනීතා එම් ගමගේ


RECOMMEND POSTS