කුවේට් රාජ්‍යෙයේ වයස අවුරුදු 16ක පාසල් සිසුවකු තම පාසලට ගිනි තැබිමේ හේතුවෙන් පොලීස් අත්අඩංගුවට



 

කුවේට් රාජ්‍යෙය් බයාන් දිස්ත්‍රිකයේ ෆර්හාන් අල්-කලීඩ් පාසලේ ඉගනගනු ලබන වයස අවුරුදු 16ක පාසල් සිසුවකු තම පාසලට ගිනි තැබිමේ හේතුවෙන් කුවේට් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 


ගිනි තැබීම සදහා මෙම සිසුවා වෙස් මුහුණක් පැලද පාසලට ඇතුලුවී ඇති අතර  විදුහල්පතිවරයාගේ සහ ලේඛකාධිවරයාගේ නිල කාර්යාලයට ගිනි තබා ඇත.


ඔහු විසින් සිදුකරනු ලබන සියළුම දේවල් පාසලේ සවිකර තිබු ආරක්ෂිත කැමරාවල සටහන්වී ඇත. 


පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කල අතර සිසුන් පිරිසකගෙන් ප්‍රශ්ණ කිරීමේදි සිද්ධියට ඍජුවම සම්බන්ධ සිසුවා හදුනාගැනීමට පොලීසිය සමත්වී ඇත. 


පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කලේය

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS