කුවේට් රජයෙන් අලුත් රස්සා



කුවේට් වැසියන් සඳහා එරට රජයේ නව රැකියා දහ අටදහසක් ඇති කිරීමට කුවේට් රජය පියවර ගෙන ඇත.

මේවන විට රජයේ රැකියා සඳහා සුදුසුකම් සහිත කුවේට් වැසියන් 22,000 කට වැඩි පිරිසක් එරට රජයේ රැකියා අපේක්ෂාවෙන් ලියාපදිංචිව සිටින බවත් ,ඒ අනුව 17 ,936 ක රැකියා සපයා දීමට පියවර ගත් බව කුවේට් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටී.

මේ වන විට එරට වැසියන් බොහෝ දෙනෙකු රජයේ නිවාඩු දින ,රැකියා කිරීමේදී ඇති සහනදායි පරිසරය හේතුවෙන් රාජ්‍ය සේවා රැකියාවන්හි නිරත වීමට වැඩි කැමැත්තක් දක්වන අතර පෞද්ගලික අංශයේ රැකියාවන් හි නිරත වීමේදී ඇතිවන ආතතියට ඔවූහු ඇකැමැත්තක් දක්වති.

පසුගිය වසරේ ශ්‍රම බලකා දත්තයන්ට අනුව කුවේට් වැසියන් ගෙන සියයට 58 කට වැඩි පිරිසක් එරට පෞද්ගලික අංශයේ රැකියා ප්‍රතික්ෂේප කර ඇත.තවද එරට ශ්‍රම බලකායෙන් සියයට 76.8 දෙනෙකු රජයේ රැකියාවන් හි නිරත වෙති.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS