කුවේට් මන්ත්‍රී වැලන්ටයින් සමරයි



කුවේට් මන්ත්‍රී අහමඩ් අල්-ෆාදල් වැලන්ටයින් දිනය සනිටුහන් කරමින් එරට ජාතික සභාවට රතු රෝසමල් ගෙනවිත් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

ඔහු විසින් ගෙනෙන ලද රෝසමල් ජාතික සභා සැසියට සහභාගිවන ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ආසන මත තබා ඇති අතර පසුව  ජාතික සභාවේ නිළධාරීන් විසින් ඉවත් කර ඇත. 

විශාල මල් කලඹක් ජාතික සභාවට ඇතුල් වන දෙර අසල තබා ඇති අයුරු වෙබ් අඩවියේ පල කර තිබු ඡායාරුපයකින් දැකගත හැකි විය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS