කුවේට් පාලකයා වොෂින්ටනයට



කුවේට් පාලක,ෂෙයික් සාබා අල් අහමඩ් අල් ජබර් අල් සබා, කටාර් අර්බුදය විසදීමේ ප්‍රධාන මැදිහත්කරු ලෙස සිය කාර්යභාරයට සහය ලබාගැනීමේ අරමුණින් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා වොෂින්ටන් නුවර බලා ගොස් ඇතැයි ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.

කටාර් අර්බුදය විසදීම සඳහා කුවේට් පාලකයා මෙතෙක් දැරූ සියළු උත්සහයන් අසාර්ථක වී ඇත.

ඇමරිකකානු ජනාධිපති, ඩෙනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 07 දිනහමුවීමට කුවේට් පාලකයා සැළසුම් කර ඇති බව පැවැසෙයි.

ත්‍රස්තවාදී සහ අන්තවාදී කණ්ඩායම් වලට කටාර් රාජ්‍යය සහය දෙන බවට චෝදනාකරමින් බහරේනය, ඊජිප්තුව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් යන රාජ්‍යයන් ජුනි 05 දින කටාර් රාජ්‍යය සමඟ සියළු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් අත්හිටුවීමට පියවර ගත් අතර එල්ල කරනු ලබන චෝදනාවන් සියල්ල කටාර් රාජ්‍යය ප්‍රතික්ෂේප කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS