කුවේට් පාලක පවුලේ සමාජිකයාගේ ඝාතකයන්ට මරණ දඬුවම



කුවේට් පාලක පවුලේ සාමාජිකයෙක් ඝාතනය කළ ඉරාන ජාතිකයින් දෙදෙනෙකුට කුවේට අපරාධ අධිකරණය මඟින් මරණ දඬුවම නියමකර ඇති බව Al Qabas පුවත්පත වාර්තා කළේය.

අරක්කැමියන් ලෙස සේවය කරන ලද විත්තිකරුවන් දෙදෙනා කුවේට් අධිකරණය මඟින් වරදකරුවන් කර මරණ දණ්ඩනය නියම කළේය.

ඝාතකයින්ට බලපත් රහිත ගිනි අවි විකිණීමේ චෝදනාවට කුවේට් ජාතිකයින් දෙදෙනෙකුට අපරාධ අධිකරණය මඟින් දඩ නියම කර ඇත.

ඉදිරි දිනයකදි ඉරාන ජාතිකයින් දෙදෙනා එල්ලා මැරීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS