කුවේට් නායකයාගෙන් ඉල්ලීමක්



කොරෝනා (කොවිඩි -19) වසංගතය තුරන් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස කුවේට් නායකයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ශුද්ධ වූ රාමසාන් මාසය නිමිත්තෙන් ජනතාව අමතමින් කුවේට් අමීර්, ෂෙයික් සබා අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබා   එම ඉල්ලීම කර ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිමේ වැදගත්කම හා කොරෝනා (කොවිඩි -19) වසංගතයේ බලපෑම හේතුවෙන් ජාතික ආර්ථිකයපවත්වා ගෙන යාම සඳහා කුවේටයට පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවී තිබෙන බව සඳහන් කර ඇත.

විශේෂයෙන් තෙල් මිල විශාල ලෙස පහත වැටීම ආර්ථිකය ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත් වී ඇති බව කුවේට් නායකයා අවධාරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS