කුවේට් නායකයා සුවය ලබයි



කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා සුවය ලබා ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 90ක් වන කුවේට් නායකයාට ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු සුවය ලබා ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

කුවේට් නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ලබාදීමට කුවේට් බලධාරීන් කටයුතු කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS