කුවේට් නායකයා රෝහලෙන් යයි



කුවේට් නායකයා ඇමරිකානු රෝහලෙන් පිටව ගොස් ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ඇමරිකා එක්සත් ජනපද සංචාරය අතරතුර කුවේට් නායකයාට වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා රෝහල් ගත කිරීමට කටයුතු කළේ ය.

සාර්ථක වෛද්‍ය පරීක්ෂණයකින් පසු කුවේට් නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව කුවේට් අමාත්‍ය, ෂෙයික් අලි ජරා අල්-සබාකුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS