කුවේට් දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ



ශුද්ධ සතිය සහ පාස්කු උත්සවය නිමිත්තෙන් කුවේට්හි පිහිටි ක්‍රිස්තියානි දේවස්ථාන වල ආරක්ෂාව වැඩිකිරීමට කුවේට් බලධාරීන් පියවර ගෙන ඇති බව ජි.ඩි.එන් වෙබ් අඩව්ය වාර්තා කළේය.

උත්සය සමයේ ආරක්ෂාව වැඩිකිරීම සදහා ගනු ලබන ආරක්ෂක පියවරයන් සම්බන්ධයෙන් කුවේට්හි පිහිටි සියළුම ක්‍රිස්තියානි දේවස්ථාන දැණුවත් කිරීමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දේවස්ථානයන්ට ඇතුළු වන පිවිසුම් දෙරටුවේහි පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිත අතර දේවස්ථානට ඇතුළු වන සහ දේවස්ථාන තුල සිටින සියළුම පුද්ගලයින්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීම සිදුකරනු ලබයි.

මින් ඉදිරියට කිසිදු ආගමික උත්සයක් පුජනීය ස්ථාන වලින් බැහැරව පැවැත්වීමට අවසර ලබා නොදෙන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS