කුවේට් තානාපති පලස්තීනියට එයි



පලස්තීනයේ පළමු කුවේට් තානාපති අසීස් අල්-ඩිහානි නිල සංචාරයක් සඳහා බටහිර ඉවුරේ ජෙරිකෝ (අරිහා) නගරයට පැමිණ ඇති බව වාර්තා වේ.

දෙදින නිල සංචාරය අතුරතුරදී, පලස්තීන ජනාධිපති, මහමුද් අබ්බාස්ට පලස්තීනයේ අනේවාසික තානාපති වශයෙන් සිය අක්තපත්‍රය ඉදිරිපත් කිරීමට තානාපතිවරයා කටයුතු කරයි.

ජෝර්දානයේ කුවේට් තානාපතිවරයා ලෙස අසීස් අල්-ඩිහානි දැනට කටයුතු කරන අතර කුවේට් අමීර්, ෂෙයික් සබා අල්- අහමඩ් අල්-ජාබර් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අල්-ඩිහානි පලස්තීනයේ පළමු කුවේට් අනේවාසික තානාපති ලෙස පත් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS