කුවේට් ඩිනාර් 8,000ක් විසි කරලා



කුවේටයේ අල්-ජබ්රියා නගරයේ විදේශ ශ්‍රමිකයෙක් කුවේට් ඩිනාර් 8,000ක චෙක්පතක් අහම්බෙන් කුණු කූඩයකට විසිකර ඇති බව වාර්තා වේ.

තමන් කුවේට් ඩිනාර් 8,000ක චෙක්පත විසි කර ඇති බව තේරුම් ගත් ඊජිප්තු ජාතිකයා කුණුකූඩය පරීක්ෂා කිරීමට ආපසු ගොස් ඇති අතර, නගරසභවෙන් කුණු රැගෙන ගොස් ඇති බව දැකගන්නට ලැබී ඇත.

මීට පෙර බැංකුවකින් මුදල් ලබාගත් ඩිනාර් 8,000 ක චෙක්පතක පිටපතක් පෙන්වා ඊජිප්තු ජාතිකයා පොලීසියට පැමිණිලි කර ඇත.

ඊජිප්තු ජාතිකයා ඉදිරිපත් කරන කරුණුවල නිවැරදිභාවය තහවුරු කර චෙක්පත ආපසු ලබාදීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS