කුවේට් ජාතිකයෙක් මැරූ පුද්ගලයින්ට මරණදඩුවම



කුවේට් ජාතිකයෙකු මැරූ ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙකුට කුවේට් අපරාධ අධිකරණය මගින් මරණ දඩුවම නියම කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ඝාතකයින් නොමැතිව මෙම නඩුව තුවේට් අපරාධ අධිකරණය මගින් විභාග කර ඇත.

ඊජිප්තු ජාතිකයින් දෙදෙනා රටින් පලායෑමට පෙර ජේබර් අල්-අහමඩ් දිස්ත්‍රිකයේ පිහිටා ඇති කුවේට් ජාතිකයාගේ නිවසට හොර රහසේ ඇතුලුවී ඔහුගේ හිසට පහරදී  ඝාතනය කර ඇති බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව ඇලන්බා වෙඩ් අඩවිය වාර්තා කලේය. 

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස තුල ලේ විලක් මත වැටි සිටින ආකාරය මියගිය පුද්ගලයාගේ මස්සිනා  මුලින්ම දැක ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත.

පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර අදාල සාක්ෂි ගොනු කර අපරාධ අධිකරණයට ඉදිරිපත්කර ඇත. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS