කුවේට් ජාතිකයකු තට්ටු 26ක ගොඩනැගිල්ලක ඉහල මාලයේ සිට බිමට පනී



වයස අවුරුදු 33ක කුවේට් ජාතිකයකු තට්ටු 26ක ගොඩනැගිල්ලක ඉහල මාලයේ සිට බිමට පැන සියදිවි හානි කරගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබි අඩවිය වාර්තා කලේය.


මෙම පුද්ගලයා ප්‍රතිකාර සදහා ආසියානු රටකට ගොස් දින කීපයකට ඉහතදී නැවත කුවේට් රාජ්‍ය වෙත පැමිණි පුද්ගලයෙකු බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සියදිවි හානිකර ගැනීමට හේතුවූ කරණු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පරීක්ෂණය පවත්වනු ලබන නිළධාරීන් විසින් මාධ්‍යට ඉදිරිපත් කර නොමැත.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක    


RECOMMEND POSTS