කුවේට් ගුවන් සේවයට 90 යි



කුවේට් සිවිල් ගුවන් සේවයට වසර 90ක් සපිරෙන බව කුවේට් ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කුවේට් ගුවන් සේවාව ආරම්භ කිරීම 1920දී සිදු වී ඇති අතර ප්‍රථම ගුවන්යානය දස්මා ගුවන්තොටුපලේ ධාවන පථයට 1928දි ගොඩබස්සවා ඇත.

ගුවන් සේවයේ දියුණුවත් සමගම ගුවන් පාසලක් සහ සමාජයක් 1953දි පිහිටුවීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇති අතර 1954දි කුවේට් එයාවේස් කෝපරේෂණ් නමින් ජාතික ගුවන්සේවාව නම් කර සිය සේවාවන් පුළුල් කිරීමට කටයුතු කර ඇත. 

“කුවේට් 2035 දැක්ම’’ අනුව 2022දි කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේ මඟී පර්යන්තයන් හරහා වසරකට ගුවන් මඟීන් මිලියන 25කට වැඩි ප්‍රමාණයක් එහා මෙහා ගමන් කිරීමට හැකිවන ආකාරයෙන් නවීකරණය කිරීමට සැලසුම් කර ඇති බව ගුවන්තොටුපලේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළ බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS