කුවේට් එමීර් සමුගනී



කුවේට් එමීර්වරයා වන සාබාහ් අල් අහ්මද් අල් ජබාර් අල් සාබා අභාවප්‍රාප්ත වූ බව අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අල් අහ්මද් අල් ජබාර් අල් සාබා 91 හැවිරිදි වියෙහි පසුවුණු අතර, ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ඇමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී යැයි පැවැසෙයි.

නූතන කුවේටටයේ විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමේ නිර්මාතෘවරයා ලෙස දෙස් විදෙස් බොහෝ දෙනකුගේ පැසැසුමට ලක් වූ අයකු ලෙස අල් අහ්මද් අල් ජබාර් අල් සාබා සැලකෙයි.

1963 සිට 2003 තෙක් වසර 40 ක් තිස්සේ කුවේටයේ විදේශ ඇමැති ධුරය හෙබවූයේ අල් අහ්මද් අල් ජබාර් අල් සාබා ය. 2003 වසරේ දී අල් අහ්මද් අල් ජබාර් අල් සාබා කුවේට් අගමැති ධුරයට පත් විය.

අල් අහ්මද් අල් ජබාර් අල් සාබා කුවේට් එමීර්වරයා ලෙස නම් කෙරුණේ 2006 දීය. ඒ, කුවේට් එමීර්වරයා ලෙස සිටි ෂෙයික් ජබාර් අල් සාබාහ්ගේ අභාවයෙන් පසුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS