කුවේට් එමීර් ඉරාක සංචාරයකට සැරැසෙයි



කුවේට් එමීර්වරයා ඉරානයත් ඇමෙරිකාවත් අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට මැදිවී සිටින ඉරාකයට පැමිණීමට නියමිතය.

කුවේට් එමීර් ෂෙයික් සබා අල් අහ්මද් අල් සබා බැග්ඩෑඞ් නුවරට පැමිණෙනු ඇත්තේ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

ඇමෙරිකා, ජර්මන් සහ ඕමාන් විශේෂ නියෝජිත කණ්ඩායමක් ද ඉරාකයට පැමිණීමට නියමිතය. එම නියෝජිතයන් සමඟ ද කුවේට් එමීර් ෂෙයික් සබා අල් අහ්මද් අල් සබා සාකච්ඡා පවත්වනු ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS