කුවේට් එමීර් ඇමෙරිකා යයි



සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් සහ කටාර් රාජ්‍යය අතර පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීමේ අපේක්ෂාවෙන්, ඊට මැදහත්කරුවකු වීමට සූදානම් වන කුවේට් එමීර් සාබා අල් අහ්මද් අල් ජබාර් අප් සබා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවූයේය.

වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණි කුවේට් එමීර්වරයා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපතිවරයා කටයුතු කළේය.

කටාර් අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට කුවේට් රාජ්‍යය ගන්නා උත්සාහය ප්‍රශසනීය යැයි ඩොනල්ඞ් ට්‍රම්ප් පෙන්වා දී ඇත. කුවේටය ඇමෙරිකාවේ සමීපතම හිතවතෙකි.

කටාර් අර්බුදය විසඳීමට මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වන කුවේටයට හැකි සෑම අයුරින්ම සහාය දක්වන බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් කුවේට් එමීර්වරයාත් ඇමෙරිකන් ජනාධිපතිවරයාත් අතර ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද ධවල මන්දිරයේ දී පැවැත්විණි.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS