කුවේටයේ සෞදි ජාතිකයකුට කොරෝනා



කුවේටයේ කොරෝනා ආසාධිතයන් තිදෙනා අතර 61 හැවිරිදි සෞදි ජාතිකයෙක්ද සිටින බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති උපදෙස් අනුව, රෝගියා සුවය ලබන තෙක් කුවේටයේ නිරෝධායනය කරන බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොරෝනා රෝගීන් තිදෙනා ඉරනයේ මාෂාඩ් නගරයේ සිට නැවත කුවේටයට පැමිණ ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකිරීම සඳහා කුවේට් සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව අමාත්‍යාංශය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS