කුවේටයේ මිලියනපතියන් වැඩිවෙයි



කුවේටයේ සිටින මිලියනපතියන්ගේ සංඛ්‍යාව සියයට අටකින් (8%) ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක වත්කමක් ඇතිකුවේට් ජාතිකයන් සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයකින්පසු තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී ඇත.

2017 වර්ෂය අවසන් වනවිට කුවේටයේ මිලියනපතියන් 174,000 සිටි අතර 2018 වර්ෂය අවසන් වනවිට 188,000දක්වා ඉහළ ගොස් ඇත.

ගල්ෆ් කලාපයේ මිලියනපතියන් සිටින රටවල් අතුරින් දෙවන ස්ථානයත්, ලෝක මට්ටමින් දාහත්වන ස්ථානයත් හිමි කර ගැනීමට කුවේට් රාජ්‍යය සමත් වී ඇත.

සෞදි අරාබියේ මිලියනපතියන්ගේ සංඛ්‍යාව සියයට හතරකින් (4%) ඉහළ ගොස් ඇති අතර 2017 වර්ෂය අවසන් වනවිට මිලියනපතියන් 179,000 සිටි අතර 2018 වර්ෂය අවසන් වනවිට 191,000දක්වා ඉහළ ගොස් ඇත.

ලෝකයේ වැඩිම මිලියනපතියන් සිටින රටවල් වන්නේ: ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, චීනය, ප්‍රංශය,එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, කැනඩාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහඉන්දියාව.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS